Saturday, January 5, 2013

කොළඹ විශ්ව විද්‍යාලයේ වැඩක් කළ අපේ අය ගාල්ලට පැමිණී දිනය....




Galle Fort
කොළඹ පුරවරයේ  ඉඩකඩෙන් ගොඩක් අඩු උණත් සුන්දර කමින් පිරුණූ අපේ පුරවර සරසවිය.... හැමදාමත් දේශයට බුද්ධිමත් උගතුන් බිහි කරන තෝතැන්නක්....

සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවත් ඒ වගේම තමයි.... කොළඹ විශ්ව විද්‍යාලයේ වංක ගිරියේ දෙවන තට්ටුවේ පිහිටි මේ සමාජ විද්‍යා දෙපාර්තමේනතුව මගේ මතකයේ වගේම අපේ ගොඩක් සොහොයුරු සෙහෙයුරියන්ගේ මකයේ සුන්දර මතකයන් එකතු කළ තැනක්......
මම දැන් කියන්න සූදානම් වන්නේ සමාජ විද්‍යා විශේෂවේදී උපාධීය ගන්නට කියල මේ දෙපාරතමේන්තුවට ගොඩ වුණූ අපේ කට්ටිය ගැන පොඞ්ඩක් මතක් කරන්නයි සූදානම් වෙන්නේ....... 2006 2007 අධ්‍යයන වර්ෂයට අදාලව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වූණ අපේ කට්ටිය කරපු කියපු සුවිශේෂි වැඩ නමි ගොඩයි.....
ඒ හැම දෙයක්ම තියල මම දැන් කියන්න යන්නේ අපේ අය සිව්වන වසර ඉවර වෙන්්න කලින් ගාල්ල පැත්තේ පොඩි කරක් ගැහුව ඒ ගැන පොඞ්ඩක් ඒ මතකය පොඞ්ඩක් ආවර්ජනය කරන්නයි මම සූදානම් වෙන්නේ....
අපේ සෙට් එක හරියටම බැලූවොත් 35ක් විතර හිටියේ ඒ 35 දෙනා එකතු වෙලා මේ සුන්දර ගමන එන්න තීිරණය කලේ අපේ අන්තිම ට‍්‍රිප් ඒක මේක වෙන බව අපේ හැමෝගෙම මතකයේ තිබුණ නිසා වෙන්න ඇති....
අපි උදේ පාන්දරින්ම කොළඹ විශ්ව විද්‍යාලය අසලින් අපේ ගමන අපි ආරම්භ කළා..... අපේ ඔක්කොම සෙට් එක මේ ගමනට එක් උණෙ හරිම සුන්දර මතකයන් ටිකක් අපේ ජීවිත වලට එකතු කර ගන්න හිතාගෙන... අපි ගාලූ පාර දිගේ වේගයෙන් අපේ ගමන එනව.... මොරටුව පානදුර කළුතර අම්බලක්ගොඩ පහු කරගෙන ගාල්ල නම් වූ දකුණු ලක සුන්දර පුරවරය සොයාගෙන අපි දැන් ගමන් කරනව....... සින්දු කිය කිය.... නට නට..... එනව... වෙනද වගේම අපේ ඩිරා... ඒ කිව්වේ හසිත බස් එකේ බොනට් එක උඩ ඉදගෙන තමය යන්නේ... එයා තමා බස් එක ලීඞ් කරන්නේ.... අපි උදේ 9.30 වගේ වෙනකොට ගාල්ලට ආවා... කෙලින්ම ගියේ ගාල්ල කොටුව බලන්න... ගාල්ලේ කොටුවේ සුන්දර ස්ථාන ගොඩක් බලන්න ගියා වෙනද වගේම නිරෝ ඇතුලූ කට්ටිය ෆොටො ගහනව ඉවරයක් නැතිව...... ඒ හින්ද පොඞ්ඩක් ලේට් වෙවී හරි අපි ගමන පයින්ම ගියා.... ඒක හරි සුන්දරයි..... අපේ මතකයේ සොදුරුම දවසක් ඒක..
අපි ගාල්ලෙන් ආවේ 11 ට විතර ඊට පස්සේ අපි කෙගින්ම ගියේ උණවටුන රූමස්සල පිහිටි ජපන් සාම චෛත්‍ය බලන්න.... ඒකත් බලල අපි ඊළගට අවේ උණවටුන වෙරලට නාන්න කියල හිතාගෙන....
ඔක්කොම නාන්න කලින් කෑම අරගත්ත... බුද්ධිකගේ ගෙදරින් තමයි කෑවේ.....
ඒ කිව්වේ ගෙදර අය කෑමත් අරගෙන සමන් එක්ක අම්ම ආවා..... කෑම කට්ටියම රස කර කර කෑවා.... ඊට පස්සේ කට්ටියම නාන්න කියල හිතාගෙන උණවටුණ බීචි එකට ආවා.... ගාල්ලේ අය නම් ඒ බීචි එකට කියන්නේ වැල්ලෙ දේවාල වෙරල කියල....
සුන්දරයි අප්පා....
අපේ අය නාන්න පටන් ගත්ත මුහුදේ කවදාවත් නාල නෑ වගේ කට්ටිය පොඩි උන් වගේ නානව.... ඔක්කොටම හපන් අපේ කොල්ලො ටික පොඞ් උන් වගේ නටනව ඉවරයක් නෑ.... මේ හැමෝටම වඩා අපේ බට්ටි ඒ කියන්නේ ප‍්‍රකාශ් පොඩි එකා වගේ.... අපපි ඊට පස්සේ රබර් ටියුබ් වලින් වතුරේ පා වෙවී නෑව.... ගොඩක් වෙලා නෑව... නාලා ඉවර වෙලා වතුර පිටින්ම බස් එකට ඇවිත් ඇදුම් මාරු කරගෙන ආයෙත් කොළඹ එන්න පිටත් උණා....
ඒ අන අතර මගදී ටිකක් ? වුණත් අපි කල්හාරිලගෙ ගෙදරත් ගියා එනකොට 8.30 පහුවෙලා කොළඹට.... අපි අපේ කෙල්ලො ටික කොළඹ ඉන්න අපේ යාළුවොන්ගෙම ගෙවල් වල නතර කලා උන්නතී, චමත්කා, සුලේකා මේ අයගෙ ගෙවල් වල අපේ අය නතර වුණේ කොල්ලො ටික හොස්ටල් වලට යනකොට ? 10 විතර වෙලා....
 ඒ ගමන කොඩක් සුන්දරයි ගොඩක් අයට.....
ආදරණීය මතකයන් ගොඩක් ඒ අයගේ අතීතයට එකතු කර ගත්ත
දැන් ඒ අය තම තමන්ගේ ලෝක වල.... දැන් ගොඩක් අය බැදල.... අගෙයි... ආයෙත් දවසක මේ අය එක්ක එකට සෙට් වෙන්න ලැබෙනවනම් කොච්චර සුන්දරද.....

ආහ් මට අමතක වුණා ක‍්‍රිෂාන් ලයි ගෙදරිනුත් අපේ අයට කෑම අරගෙන ආවා...... ඒක මට කියන්න අමතක වුණා ඒ ගැන සමාවෙන්න හොදේ......
මෙහෙම දෙයක් ලියන්න කියල මට මතක් කලේ ක‍්‍රිෂාන්...... ඒකට ගොඩක් තෑන්ක්ස්...... අයෙත් දවසක මේ වගේ අපූරු දෙයක් එක්ක අතීත මතකයන් එක්ක මම ඔයාල හොයාගෙන එන්නම්..... එයෙනම් බායි........


මම බුද්ධීක.....

Friday, January 4, 2013

පළමු පාඩම


දේශපාලන විද්‍යාව හඳුනාගැනීම'
    
    මූලික වශයෙන්ම දේශපාලන විද්‍යාව පිළීබඳව ප‍්‍රවේශයකට පැමිණීමට ප‍්‍රථම මෙම පද කිහිපයන්හි අන්තර්ගත වන අර්ථයන් පිළිබඳව පුළුල් විග‍්‍රහයක් සහිතව අධ්‍යනයට ප‍්‍රවිශ්ඨ වීමට අවධානය යොමුකළ යුතුය' මූලිකවම දේශපාලන විද්‍යාව යනුවෙන් හැඳින්වෙන POLITICAL SCIENCE යන පද විග‍්‍රහයන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී ප‍්‍රධාන සංකල්ප කිහිපයක් කෙරෙහි සැළකිළිමත් විය හැකිය' ඒ අනුව දේශ "පාලනය" දේශපාලනය" විද්‍යාව" කණ්ඩණය කර දැක්විය හැකිය' එය පැහැදිළි කිරීමකට පහත පරිදි දැක්විය හැකිය' දේශ යනු යම් ලෙසකට රටක් රාජ්‍යයක් වශයෙන් සරලව අර්ථ නිරූපනය කළහැකිය' පාලනය යනු යම් ආයතනයක් හෝ යම් ව්‍යුහයක් මෙහෙයවීම හෝ හැසිරවීමයි' මේ අනුව දේශපාලනය වශයෙන් දැක්විය හැක්කේ රාජ්‍යයක් පාලනය කිරීම හෝ මෙහෙයවීම වශයෙන් දළ අරුත් ගැන්වීමක් දැක්විය හැකිය' දේශපාලනය යන්නට තනි පදයක් ලෙසට ගෙන බැලීමේදී මේ පිළිබඳ පුළුල් කතිකාවක් සමාජය තුළ නිරූපනය වී ඇත' එහිදී විශේෂයෙන්ම විවිධ ඓතිහාසික සන්දර්භවල දී මෙන්ම විවිධ විශ්ලේෂකයන්ගේ අර්ථකතනයන් සහ විවිධ තේරුම් සහිතව ඉදිරිපත් වී ඇත' ඉංග‍්‍රීසි භාෂාවේ POLITICAL යන යෙදුම සිංහලට පරිවර්තනය කර ඇත්තේ දේශපාලනය වශයෙනි' දේශපාලනය යන්න බොහෝ පුද්ගලයන් දේශය පාලනය කිරීම යනුවෙන් සරලව අර්ථ නිරූපනයට ලක් කිරීමක් නූතනය වන විට දක්නට ලැබේ' නමුත් දේශපාලනයට මීටත් වඩා පුළුල් අර්ථ දැක්වීමක් දේශපාලන විද්‍යාව හැදරිමේදී ලබාදිය යුතු වේ'


ó<. mdvu jkafka foaYmd,k úoHdj Wiia fm< l,d úIh Odrdj Tiafia úIhhla jYfhka yeoEÍfï we;s jeo.;alu ms<sn|j idlÉcdjg ,la lsßuhs'''''''


bosrsfhaoS fï iñnkaOj ;j ÿrg;a l;d lruq'''''''

political science...... 2015 A/L

අපි ඔයාලට පොරොන්දු වුණ දෙයක් තමයි..... දේශපාලන විද්‍යාව විෂය සම්බන්ධයෙන් යම් පමණක හෝ දැනුමක්, සියපත අන්තර්ජාල අවකාශය තුළින් ඔයාලට ගෙන එනව කියන කාරනය.... මේ නිසා.. අද සිට දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් යම් යම් විෂය කරුණූ වලින් සමන්විත පාඩම් මාලාවක් ඔයාල හමුවට ගෙන එන්න අපි සූදානම්....... අපි එක්ක ඉදිරියටත් එකතු වෙන මේ පාර සාමාන්‍යය පෙළ ලියපු... ඒ කියන්නේ,, 2012 විභාගේ ගියල 2015 උසස් පෙළට කලා විෂය ධාරාව හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න නංගිල මල්ලිල වෙනුවෙන් තමයි මේ ලිපි ටික ඉලක්ක වෙන්නේ..... ඒ නිසා ..දන්න අය ඉන්නවනම්,,  ඒ අයට බලන්න මේ ලිපි බාගත කරගෙන.. ඒ කියන්නේ ඩවුන්ලෝඞ් කරගෙන, ඒ අයට දෙන්නත් අමතක කරන්න එපා

Thursday, January 3, 2013

A/L වලට අපෙන් පොඩි තල්ලූවක්

උසස් පෙළ විභාගය කියන්නේ ගොඩක් ලොකු තරගයක් තියෙන විභාගයක් .. කලා විශය ධාරාව යටතේ ඉගෙන ගන්න අපේ ආදරණීය නංගිල මල්ලිලට සියපත් විල අන්තර්ජාල අවකාශය ඔස්සේ යම් ආකාරයක පොඩි දැනුමක් හරි එක් කරන්නයි සූදානම් කරල තියෙන්නේ.. දේශපාලන විද්‍යාව පිළිබද පාඩම් මාලාවක් තව ටික දිනකින් මේ අන්තර් ජාල අවකාශය තුළ විහිදුවා හරින්නටයි අපේ සූදානම.... අපේ නංගිල මල්ලිලට දේශපාලන විද්‍යාව තේරෙන සරල විදියට පාඩම් මාලා කිහිපයක් යටතේ ඉදිරිපත් කරන්න සියළු කටයුතු දැන් සූදානමින් ........ ළගදීම ඒ සත් කාරයටත් අතදෙන්නයි බලා පොරොත්තුව... අපිට  ඕන දැනුමෙන් පිරුණු සෙට් එකක්... ඒකට සියපත්විල සූදානම්...

ආදරණිය නංගියේ මල්ලියේ ඔයාල රටේ අනාගතය... දැනුමින් සපිරි කොටසක් තමයි හෙට ලෝකයට අවශ්‍ය වෙන්නේ... ඔයාලට දැන් නෙවෙයි ඒක තේරෙන්නේ.... තව ටික කාලයක් ගියහම.... ඒ නිසා සියල්ලටම පෙර ඔයාල අවධානය කරන්න  ඕන ඉගෙන ගන්න එකට..... 

Tuesday, January 1, 2013

ගෙට් එකට set වෙලා පේරාදෙණිය යුනි එකේ... 2004-2005 බැච් එකේ ගාලු මලී විසින් මා හට එවන ලද ලිපියකි..

     එදා හරියටම කීවොත් 2012.12.25 දැනට හරියටම අවුරුදු තුනක පටන් දෙසැම්බර් 25 කියන්නේ අපි ආස කරන දිනයක් වෙන මුකුත් නිසා නෙවෙයි.... එදා අපි අපේ කැම්පස් එකේදී හමු වෙන හින්ද.. ඒ කියන්නේ 2004-05 අපේ බැච් එකේ ගෙට් එක තියෙන්නෙ ඒ දවසේ නිසා.. ඉතින් අපිත් පුරුදු විදියටම ආයෙත් දෙසැම්බර් 25 වෙනිද අපේ පුරුදු යුනි එකේදිම සෙට් උණා...
අපි පේරාදෙණිය කැම්පස් එකෙන් 2004-05 බැච් එක විදියට එළියට බැස්සේ අපේ සොඳුරු නවා තැන වුණ පේරාදෙණිය කැම්පස් එකේදි අපි හැමෝම එක දවසකදි මුණ ගැහෙනව කියන පොරොන්දුව එක්ක... ඉතින් ඒ පොරොන්දුව අමතක වුණ කිහිප දෙනෙකුත් හිටිය.. ඒ පොරොන්දුව මතකෙ තිබුණ සෙට් එක නම් එදා නොවරදවාම මතකේ තියාම ආව...
සින්නො අපිට තග දාපු අපි ජුන්නොන්ට තග දාපු සිංදු කියපු නටපු ආදරය කරපු අපේ වලේදී එදත් අපි මුණ ගැහුණ...
ගෙම්බ කැන්ටිම පොලොන්නරුවෙ ගල් කණු යට තෙල් බැම්ම ගාවත් අපි මොහොතක් හිටිය.. හරිම සුන්දරයි..
    අපේ කොල්ලො කෙල්ලො දැන් ගොඩක් වෙනස් වෙලා... හදවතින් නම් නෙවෙයි රූපෙන්... ඉතින් අපි ආ ගිය තොරතුරු කතා කළා.. හිනා වුණා.. පරණ මතකය අළුතින් මතක් කර ගත්තා..
එදා වගේම එක බත් පතක අපි කෑවා..
කොහොම වුණත් ගහ කොළ පවා අපිව හදුන ගත්ත අපේ කැම්පස් එකට කාලයත් එක්ක අපිව ආගන්තුක වූණා..
ඒ තමයි සොබාදම් නීතිය...
දන්නවද ඒ වුණාට අපේ එවුන් එක්කඑක දවසක් හරි කැම්පස් එක අපේ කර ගත්ත...
ඉතින් ආපු අපි ගැන වගේම නොආපු අපේ කෙල්ලො කොල්ලො බලන්නත් කතා කරන්නත් ආසයි... ඉතින් ආයෙත් දවසක් එනව.. 2013.12.25 වෙනකම් අපි ඇගිලි ගනිමින් ඉන්නෙ.... ආයෙත් දවසක මේ වගේ සුන්දර විස්තරත් එක්ක ආයෙත් හමු වෙමු........

තනුජා..... ආහ්... එහෙම කිවුවට මාව දන්නෙ කාඩ් එකෙන්නේ... මම ගාලු මලී.....

අක්මීමණ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය නව වසරට වැඩ ඇරඹූ සැටි......


 

අක්මීමණ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අභ්‍යාස ලාභි උපාධීදාරීන් එක්ව 2013 වසර ඇරඹි පළමුවන රාජකාරී දිනය වන 2013-01-01 දින කරන ලද ක‍්‍රියාව කෘත ගුණව සිහිපත් කරන්න හිතාගෙන මේ ලිපිය ලියන්නට හිතුවෙ....... 2013 වසර පිළිගන්න බලාගෙන සිටිය හැමෝම එක එක විදියට නව වසරට මුහුණ දෙන්න සූදානමින් තමයි හිටියෙ...... මේ විදියටම අක්මීමන ප‍්‍රාදේශිය ලේකම් කාරයාලයට අනුයුක්තව සිටි අපේ කොල්ලො කෙල්ලො ටික එළ වැඩක් කරන්න සෙට් උණා..... ඒ 300 කට ආසන්න වුණ කාර්යාලයේ නිළධාරීන්ට දහවල් ආහාරය පිළිගැන්වීම.... ටිකක් අමාරුයි වගේ මුලින් හිතුනම අපේ අය එකට එකතු උණාම කරන්න බැරි දෙයක් නෑ කියල හිතෙන තරමට කට්ටිය දඩි බිඩියෙ වැඩ... මුලින්ම කට්ටිය සෙට් වෙලා පොඩි ගාණක් එකතු කර ගත්ත.... ඊට පස්සෙ අපේ අයම කඩේ ගිහින් බඩු අරන් ඇවිත් අපේ වැඩේට සෙට් වුණා.... කඩේ ගියා කිව්වේ කාටවත් කඩේ යාම නෙවෙයි හොදේ..... ඔන්න ඉතින් වැඩේ දැන් පටන් ගන්නයි සූදානම.... 2012-12-31 දිනය මම හිතන්නේ අපේ යාළුවොන්ට අමතක නොවන දිනයක්.... ඒ දවස තමයි අපේ කට්ටිය එකට සෙට් වෙලා සාමුක කමේ ජවය පෙනනපු දවස.... සවස 7.30 වගේ වෙනකොට කට්ටිය ඔක්කොම සෙට් වූණා..... දර හදාගෙන ලිප් බැදගෙන දැන් සූදානම කට්ටියම කෑම උයන්න.... අපේ අයමයි උයන්න හැම දේම කලේ ඒ දේ නම් සුන්දරයි.... ටික දෙනෙක් සුංදු කියනව පැත්තක ඉදගෙන වැඩ කරන අයගේ මහන්සිය නැති වෙන්නත් එක්ක.... එළි වෙනකම් කට්ටියම වැඩ..... උදේ 8 වගේ වෙනකොට ගොඩක් වැඩ ඉවරයි...... අන්තිමට ඉතිරි වුණේ බත් එකේ වැඩේ.... එකත් 10 විතර වෙනකොට ඔක්කොම ඉවර කර ගත්ත.... දැන් කට්ටියම සූදානම බත් බෙදන්න..... ඒක නම් මරු කට්ටියම එකතු වෙලා බත් බෙදනව...... බත් පාරසල් 300ක් විතර හැදුව..... ප‍්‍රා ලේකම් එක් කැබ් එක ගෙන්නගෙන ඒව අරන් ගිහින් උත්සවයක් තියල බෙදල දුන්න ඔක්කොටම කන්න..... ආහ්...... ඒ වගේම කියන්නත් ඔ්න අපේ අය දිනපු ක‍්‍රිකට් කප් එකත් අපි ප‍්‍රා. ලේකම් තුමියට බාර දුන්න..... ලස්සන උත්සවයක්.... මහන්සියේ උපරිම ප‍්‍රතිඵල ඒකේ සුන්දර කම අපි ඔක්කොම පැත්තකට වෙලා සියුම් ප‍්‍රීතියක් මේකෙන් වින්ද.......... උපාධිධාරීන් ගැන ඇතම් අය කියන වැල්වටාරම් කතා වලට තිතක් තියන්න අපේ අයට හැකි වුණා අපිට වැඩක් කරන්න පුළූවන් කියල අපි හැමෝටම පෙන්නුව...... ගොඩක් හිතට සතුටුයි........

අපේ අය වැඩ කරපු හැටි දැක්වෙන පින්තූර ටිකක් ළගදීම බලාපොරොත්තු වන්න......

2013........

ජීවිතය ගැන අළුතින් හිතන්නට 2013 වසර හැමෝටම ඉඩකඩ විවර කරළ තියෙන්නෙ... අපි 2012 වසරෙදි කරපු ගොන් කම් අමතක කරල ඒව හදාගෙන ඉදිරියට යන්න අපේ ජීවිත නව මගකට හරවගෙන යන්න මේ වසරෙ අපි වැඩ කරන්න වෙනව.......