Sunday, December 30, 2012

ආදරණිය විදු මෑණියන්.........

ජීවිතයේ නොයෙක් කම්කටෙළු මැදින් ජිවිතය ජයගන්නා  ආකාරය පිළිබදව ඔවා දුන් තක්සලාව..... ඔබ සැමටම තක්සලාවක් ඇති බව මම දන්නවා.... ඒක අපේ ජීවිතයේ සුන්දර මතක ගොඩක් ඒකේ තියෙනව නේද...
ඔයාලගෙ හදවතට කතා කරල බලන්නකෝ......... ෂෝයි නේද.....
අපිට අපි ගැන ඉගෙන ගන්න... එහෙමත් නැත්නම් අපි කවුද කියන එක අපේ බුද්ධියෙන්ම වටහ ගන්න සැළැස්සුවෙ කවුද..... මම ඒකට උත්තරයක් දෙන්නේ නම් නෑ.... ඔයාලම ඒක හිතන්න....
අපි කොච්චර සුන්දර දේවල් අපේ පාසල් කාලෙදි අපි කළාද..... නේද....
මතක් කරන්නකෝ ඒවයින් එකක් දෙකක්....
පංති කට් කරල ගිහිල්ල බෝල ගහපු ඒව.... හැංගි මුත්තම්කරපුව.... විලි සෙල්ලම් කරපුව.... කාසි සෙල්ලන් කරපුව මතකයි නේද...... හිනා යනව නේද....... ඒ කාලෙ ගෙඩක් සුන්දරයි.... ඇත්තටම.... අයෙත් දවසක ෙම් ගැන කතා කරමු ......... ඔයාලත් මේ වගේ අදහස් අනිත් අයත් එක්ක බෙදා ගන්න  කැමති නම් මෙග් ෙම්ල් ඒකට ඔයාලෙග ලිපි මට ඒවන්න rkbuddhi@gmail.com

සරසවිය


සරසවිය සවියක් වුණිද ඔබට.....


ඔබේ අදහස් මා හට එවන්න ඒ ජීවිතේ අත්දැකීම් බෙදාගන්න ගොඩක් අය කැමති වෙයි........
මගේ ඊ මේල් එක..... කැමති අයට ලියන්න පුළුවන්.... මම ඒව ඔයාලගෙ නම් වලින්ම පෝස්ට් කරන්නම්.......

rkbuddhi@gmail.com

Saturday, December 29, 2012

ආදරණිය පුරවර සරසවිය

අපේ කාලේ හීනයක් වගේ උණ දෙයක් තමයි... කැම්පස් එනවයි කියන එක.... ඒත් කැම්පස් ආවට පස්සෙ ජීවිතේ ගැන ගොඩක් අත්දැකීම් ගත්ත .... ඒ ... පුරවර සරසවිය මගේ ජීවිතයේ සෙඳුරු නවාතැනක් වූ නිසාවෙන්මයි....

අපි කීයෙන් කී දෙනෙක්ට අපේ ජීවිත වෙනස් මගකට හැරවුණාද කියල ඒ අයගේ හදවත් වලට කතා කලොත් දැනගන්න පුළුවන්... ගොඩක් අයට හොඳ වගේම නරකත් වුණා සමහර අයට හීනෙන් වත් නොහිතපු සුන්දර මාවත් විවර වුණා.... ඒ පුරවර සරසවියේ හාස්කම් වගේ....
කැම්පස් වලින් අපිට තමයි පුංචිම ඉඩක් තියෙන්නේ... ඒත් ඒ පුංචි ඉඩ අපි මහ වැඩ වලට පෙළඹුව.... කලා උළෙලවල්... අවුරුදු උත්සව... චිත‍්‍රපටි ප‍්‍රදර්ශන.. සිත්තම් උළෙල වල්.... සංස්කෘතික ප‍්‍රසංග.... මම මෙහෙම කියනකොට ගොඩක් අය ඒ අතිතයට අනිවාර්යෙන්ම යනව ඇති.... සුන්දරයි නේද ඒ මතකයන්..... සමහර ඒවට හිනා යනව නේද.... ඇත්තටම අපි යුනි එකේදි කොච්චර දේවල් කළාද.... දැන් යුනි එකට සමුදීල ටිකක් කල් ඒත් ඒ මතකය අද ඊයේ වගේ.... මගේ යාළුවනේ අපිට අයෙත් ඒ දවස් වලට දුවල යන්න පුළුවන් නම්.......ආසයි අප්පා........ දැන් සමහර යාළුවො බැඳළ.... ඒ අය ඒ අයගෙ ලෝක වල...... ලෝකය පුදුමයි නේද... කවදාවත් දැකල නැති අය ගොඩක් යුනි එකේදී මුණගස්වල අයෙත් ඒ අය අපෙන් ඈතටම යැවුව.... කාලය කෙතරම් නපුරුද මිතුර... දැනට ඇති..... ඔයාලටත් මොනව හරි මම කියපු දේ ගැන හිතුන නම් පොඩි අකුරක් දෙකක් කෙමෙන්ට් වල කුරුටු ගාන්න.... එහෙනම් ජය වේවා....

ආ.......... අමතක වුණා පරණ යාළුවන්ට මිස් කෝල් එකක් වත් දාල යාළුකම ආයෙත් අළුත් කර ගන්න හොඳේ.........

යාළුවනේ.......................... මතකද.....


තෙලවලට ආයෙත් ගියෙමි............................ කොළඹ විශ්ව විද්‍යාලයේ පිරිමි ළමුන් වෙනුවෙන් පැවතියේ හොස්ටල් දෙකක් විතරයි.... එකක් මේ පිංතූරයේ දැක්වෙන තෙලවල නේවාසිකාගාරය... අනිත් එක කිත්‍යාගර නේවාසිකාගාරය.... තෙලවල නේවාසිකාගාරය මෙම හොස්ටල් දෙකෙන් සුර සැප පිරුණු අපේ දෙවෙනි ගෙදර වගේ උණා...... එත් ඒකට කැම්පස් එකේ විසී ගෙන් නම් ලැබුණේ කුඩම්මගේ සැළකිල්ල විතරයි... එත් පුරවර සරසවියෙ වැඩක් කළ එළකිරි කොල්ලො සෙට් එක හිටියේ මේ රජ මාලිගයේ තමයි...... එත් කාලය අපිට සරදම් කළා අපිට අපේ දෙවෙනි අම්ම වගේ සිටිය අපේ හොස්ටල් එකට සමු දෙන්න සිදු වුණා.... ඒ අපේ කැමැත්තෙන් නම් නෙවෙයි.... අපිව බලෙන් ඒකෙන් එළියට ගත්ත.... කිරුළපන පැත්තේ පොඩි ගෙදරක අපිව දැම්මේ බල්ලන් ගාල් කරනව වගේ.... එත් අපි අපේකම අතහැරියේ නෑ... අනිත් යුනි වලින් කොළඹ අල කියල කාඞ් ගහද්දි ඒකට එරෙහිව වැඩක් කරන හිත හොඳ කොල්ලො කෙල්ලො ඉන්න යුනි එකක් කරන්න අපේ කොල්ලො ගොඩක් මහන්සි ගත්ත...... ඒකේ සුන්දර මතකයන් අපේ හිත් තුළ හැමදාමත් තියෙනව.... අපේ ආදරණිය කොල්ලො ටික මතක් උණ නිසා මේ වගේ ලියන්න හිතුනෙ උන් හැමදාමත් අපිත් එක්කම එක පත කා ගෙන ගුටි කා ගෙන හිටිය එවුන් නිසා... ජීවිතේ මා ලද හෙඳම ත්‍යාගය හිත හොඳ කොල්ලො ටිකක් හම්බ කර ගත්ත එකයි............