Monday, January 28, 2013

මා හද ස්පර්ශ කළ සුන්දර ගීතයක්.....


තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබේ.........
සුවඳ මා ළගින්

සිවු වසරක පෙම් ගීතය.......
ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින්........
කිරුළු පැළඳුවාදෝ

තනිවෙන්නට.........//

මායවකි පේ‍්‍රමය මා
හදවත රිදවූයේ....
සෝ ගීයකි...දුක්බර වූ....
සැනසුම කොහි වේදෝ...

තනිවෙන්නට.......//

       සුන්දර ගීතයක් වුවත් මේ ගීතය මා හද ස්පර්ශ කරන්නේ ගීතය ඇත්තටම යථාර්ථයක්ය යන්න පසක් කරමින්ය..... ජීවිතය පිළිබඳව  මා හට මෙන්ම ඔබටද අනේක  විද   අත්දැකිම් ඇති බව මා දන්නා කරුණි.  ජිවිතයේ සුන්දරම අත්දැකිමක් වන්නේ ආදරය පිළිබඳ අත්දැකීමයි... ඇතම් අයට ආදරය සුන්දර අත්දැකීමක් වේ... නමුත් ඇතම් අයට මේ අත්දැකීම කටුකය...
මා එසේ ප‍්‍රකාශ කරන විට ඇතැම් අය මා සමග එකග වන්නා සේම තවත් අයට එකග නොවී සිටිය හැකිය...
ඉහත දක්වන්නට යෙදුන ගීතය තුළින් කියවෙන්නේ යැයි මා අදහස් කරන්නේ සරසවි පේ‍්‍රමයක් පිළිබඳවය... තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් යනුවෙන් ගීත රචකයා එම පද වැල් ගොනු කරන්නේ පෙර අතීතයේ පැවති පාළුව නැවතත් මෙම පේ‍්‍රමවන්තයාට දැනෙනවා නිසා විය හැකිය. සුන්දර කාලයක් ගෙවා ඒ සුන්දර කාලය තුළ ජීවත් වු ඔහු නැවතත් ඇගේ සුවඳ රුගෙන යන්න  යනුවෙන් කරන්නේ ආයචනයකි...
විශේෂයෙන්ම ඇයගෙන් මෙම ඉල්ලීම කරන්නේ ජීවිතය පිළිබඳව යම් ආකාරයක බිඳුණු බලාපොරොත්තුවකින් විය හැකිය... ඇයත් සමග ගත කරන ලද ඒ මතකය ඔහුට ඉතාමත් සුන්දර විය හැකිය ඒ සුන්දර මතකයෙන් ඔහුට ඇත්වීමට නොහැකි තරම් ඇග් සුවඳ ඔහුට ලෙන්ගතු වී ඇති බවක් පෙනියයි...ආදරය කරනා අවදිය තුලදි බොහෝ කොම සමීප වීමක් සිදුවන්නේ අප නොදැනුවත්වමය... එකිනෙකාගේ  ඕනා එපා කම් පිළිබඳව මනා අවබෝදයක් සෑම කෙනෙක්ම ලබා ගන්නේ ආදරය යන වචනයේ ඇති සැගවුණු ගුප්ත බලයක් නිසා දැයි වෙලාවකට සිතේ... එනම් එකිනෙකා පිළිබඳ මනා අවබෝධයක් ආදරය කරන කාලය තුළ ආදරවන්තයින් විසින් ලබා ගනී... එය සැබවින්ම සත්‍යයක් වේ.
අදරය යන්න අකුරු හතරකට පමණක් සීමා වූවක් නොවී ඒ ආදරය සැබෑ ලෙසම විදින්නා ඒ බිළිබඳව දන්නේය... විශේෂයෙන්ම නූතන සමාජය තුළ තරුණ කොටස් අතර ඇති ජංගම දුරකතන නිසාවෙන්ම මේ කරුණ හොඳින්ම දැකිය හැකිය...
     එනම් සෑම කරුණක් තුළදිම එකිනෙකා සමීප වන්නේ මේ විද්්‍යුත් උපකරණයත් සමගිනි.
විශේෂයෙන්ම සමාජයේ පෙම්වතුන් කාලයේදී එකිනෙකා පීළිබඳව වැඩි අවබා්ධයක් ලබා ගන්නේ ඇසුරු කිරිමේ ප‍්‍රමාණයත් සමගය...
මෙම ගීතය තුළ තම කතාව කයන විරහ සොවින් වැලපෙන පෙම්වතා කියා සිටින්නේද මෙවැනි කතාවකි....
එනම් ආදරය කරන කාලයේ තමන් සමග එකට සිටිමින් තම ජීවිතයේ අත්දැකීම් හොඳින් බෙදා හදා ගත් පෙම්වතිය වෙන්ව ගිය පසු දැනෙන පාළුව තනිකම වෙනුවෙන් ඔහුගේ ආත්ම ප‍්‍රකාශනයක් වශයෙන් මෙය පෙන්වා දිය හැකිය.... තමන් එදා විඳි ඇගේසුවඳ දැන් ඔහුගේ හිත පාරවන්නක් වී හමාරය... ඇය දැන් ඔහුගෙන් වෙන්වි ඇත.....
ඔහු හා ඇයගේ පේ‍්‍රමයට සිවු වසරක් ගෙවි අවසානය... සිවුවසරක පෙම් ගීතය ගොළුවෙලා ගියාවේ  යනුවෙන් ගිපද රචකයා දක්වන්නේ ඒ නිසා විය හැකිය....
ගොළුවීම යනු අසරණ තත්වයට පත්විමක් වැනිය... ඇය දැන් ඔහුව අමතක කර අවසානය.. ඇය සිවු වසරක පේ‍්‍රමය නිමා කොට ඇත... ඇගේ ලෝකය තුළ දැන් ඔහු නැත....
ඔහුගේ එකම පැනය වන්නේ අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ යන්වෙන් පමණි... එයත් ඔහු අසන්නේ අසතුටකින් නොවන්නේය... ඔහු මේ බව අසන්නේ මනා සංයමයකින් යුක්තවය... හිතේ වෛරයක් නොමැතිව ඇගෙන් අසන්නේ ඇය වෙන කෙනෙක්ගේ ලෝකයට ගොස් ඇත්තේද යන්න පමණි.... ඒය ඔහුගේ ඇය වෙනුවෙන් පවතින අව්‍යාජ ආදරයයි... දැන් ඇය ඔහුට උරුම නැතත් ඔහු ඇයගේ ජීවිතයට ආසාරි එක් කරයි....
     නමුත් මායාවකි ප්‍රෙමය මා හදවත රිදවූයේ යනුවෙන් ඔහු ඔහු පිළිබඳවමකළකිරිමකට පත් වන්නේය.... ගීතයේ අවසානයේ ඔහු තමන්ගේ ජීවිතයේ ඇති දුක්බර බව පිළිබඳව දුක් සුසුම් හෙලන්නේය... එහෙත් මේ ගීතය තුළ කිසි විටකවත් පෙම්වතිය පිළිබඳව ඔහු තරහකින් සිටින බවක් නොහගවයි... ඒ සැබෑ ආදරයේ පිවිතුරු හැගුමයි... සැබැ පෙම්වතෙක් ලෙසට ආදරය කර තවමත් ඒ අතීතය තුළම ජීවත් වන ඔහු ඇයගේ ආදරය කෙරෙහි සිතින් තවමත් ලොබ බඳින බවක් මේගීතයේ පද පෙරලි තුළින් වටහා ගත හැකිය....
ආදරය කෙනෙකුට සුන්දර වනවා සේම තවත් අයෙකුට එය කටුක විය හැකි බව මා පැවසූවේ ඒ නිසාවෙනි....
     මෙම ගීතය ගායනා කරන වික්ටර් රත්නායක ආදරණීය ගායන ශිල්පියා පිළිබඳවද සිහිපත් කනීරීම මා කළ යුතු දෙයක්ම යැයි හැගේ එනම් ඔහුගේ සුන්දර ගායන රටාව තුළින් පද වලට තව දුරටත් නව පෂක් ලබා දි ඇති බව අවසාන වශයෙන් වුවද ප‍්‍රකාශ කළ හැකිය....
ජිවිතයේ සුන්දරම අත්දැකිමක් වන ආදරය සහ එයට නූල් පටක තරම් ඈතක් ඇති විරහව පිළිබඳව ගී පද රචකයින් ගීත මේ තරම් ලියන්නට පෙළබෙන්නේ එවා සහෘද්ධ රසිකයින්ට ඉතාමත් ඉක්මණින්ම ළගා වන නිසා විය හැකිය...
   කෙසේ හෝ මේ ගීතය මා සිත් ගත් නිසාවෙන් මෙසේ ලියන්නට සිතුවා එහි ඇති සත්‍ය සහ අසත්‍ය පිළිබඳව ඔබ තිරණය කළ යුතු වේ..... ඒ බව සිතන්නට ඉතුරු කර සමුගන්නම්.... තවත් දවසක මේ වගේ අලූත් සුන්දර අත් දැකීමක් එක්ක ඔයාල අතරට එන්න හිතාගෙන........ එහෙනම් ආදරය සුන්දර විදින දෙයක් කර ගන්නට ඉල්ලිම් කරමින් ඔබෙන් සමුගන්නමි....... ඔබට ජය....

Saturday, January 19, 2013

වසාගත් තිරය මෑත්කොට....


නූතනයේ මාධ්‍ය භාවිත වන්නේ නිවරදි ආකාරයෙන්ද යන්න පිළිබදව යම් ආකාරයක පසු විපරමක් කළ යුතුව ඇති බව මාගේ අදහසයි.......
රූපවාහිනියෙන් සහ වර්තමාන මාධ්‍ය භාවිතයෙන් සිදුකළ යුතු පුවත් විවරණයට වඩා ලං වන්නේ කුමන අරමුණු වෙනුවෙන්ද යන්න පිළිබදව මේ ලිපිය කියවන ඔබට යම් පමණක හෝ අවබෝධයක් ඇතිබවට උපකල්පණයක් සහිතව මේ ලිපියේ ඇතුළාන්තයට පිවිසීමට කැමැත්තෙමි....
අප මේ දිනවල ප්‍රධාන වශයෙන්ම භාවිත කරන මාධ්‍යයන් මොනවාද යන්න මුලින්ම අප විමසා බැලිය යුත්තේය... ඒ අනුව විද්‍යුත් මාධ්‍ය ගණයට වැටෙන රූපවාහිනියත් ගුවන්විදුලියත් ඉන් ප්‍රධාන වේ... තවද පරිඝණකය හා බැදුණු අන්තර්ජාලයද නුතනයේ ප්‍රධාන කතිකයෙකුගේ කාර්යය ඉටු කරයි..
වර්තමාන මුද්‍රත මාධ්‍ය ගොන්නට වැටෙන පුවත්පත් සගරා සහ වාර ප්‍රකාශන මුද්‍රත මාධයන්හි ජනතාව අතර ගැවසෙන දේවල්ය.... මේ සියළුම මාධය භාවිතයන් තුළින් ඇත්තටම අප අපේක්ෂා කරන කරැණූ ඉටු වන්නේද යන්න පිළීබදව අප සළකා බැලිය යුතු වේ....
සමාජයේ පුවත් වාහකයා වශයෙන් සළකනු ලබන්නේ මාධ්‍ය ව්‍යාපාරයයි... මෙම මාධ්‍යයන් තුළින් ජනතාව වෙත ගලා යා යුතු වන්නේ නිවරදි තොරතුරු වීම අනිවාර්ය කරුණක් වන්නේය... නමුත් නූතන මාධ්‍ය සදාචාරය තුළ ඇත්තෙන්ම එවන්නක් දැකිය හැකිද යන්න ගැටළුවක් වී හමාරය...
පුවත් වෙනුවට නව පුවත් මැවීමක් මධ්‍ය වෙතින් කරනු ලබන්නේය... මා එසේ පැවසීමට හේතු සාධක වේ... බොහෝ කාලයක් පුරාවට අපේ සමාජය තුළින් පාලනය කර තිබුණු ඇතැම් සමාජ විෂම ක්‍රියා බොහොමයක් නූතනය වන විට නැවතත් හිස ඔසවා ඇතිබව ප්‍රකාශ කරන්නේ සාධක සහිතවය...බොහෝ රූපවාහිනි මාධ්‍යයන් වල පුවත් ප්‍රකාශයන් තුළින් ජනතාව අතරට යන්නේ ඇත්තටම සමාජයේ සුදුවන ප්‍රවෘත්ති වටිනාකමක් සහිත තොරතුරුද නැතිනම් අපරාධ කරන ආකාරය පිළිබද ඉගෙනීමට ඉඩකඩ විවර කරන ටියුෂන් පංතියක්ද යන්න විවාද සහිතය...
අපරාධ වැඩි වන්නට ප්‍රධානම හේතුව වන්නේ මාධ්‍ය වල හැසිරීමයි... එනම් මාධ්‍ය හැසිරවීමේ පිළිගත් නිෂ්චිත වාරණයක් සහිත ක්‍රමවේදයක් නොමැතිවීම මේ සදහා හේතුවී ඇත...
කුඩා දරුවන්ට පවා තේරුම්ගත හැකි ආකාරයට නාට්‍යය ආකාරයට සමාජයේ සිදුවන අපරාධ ප්‍රවෘත්ති හරහා පෙන්වීම තුළ ඒ මතය දරුවන්ගේ මනසට ප්‍රබල බලපෑමක් කරනු ලබන්නේය... එය මාධ්‍ය ප්‍රධානීන් නොසිතුවද සමාජයේ අනාගත දරු පරපුර වෙනුවෙන් ඇතිකරන ප්‍රබල හිංසනයක් ලෙසට මෙය දුන්වා දිය හැකිය...
ඒ නිසාම අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් හෝ ප්‍රවෘත්ති මාධ්‍ය ආයතන වඩාත් වගකීමක් සහිතව කටයුතු කිරිම වැදගත් බව අවසාන වශයෙන් හෝ ප්‍රකාශ කළ යුතු වේ....

Sunday, January 6, 2013

පුරවර සරසවිය......



කොළඹ විශ්ව විද්‍යාලයට අපි ආවේ 2007 වසරේ එදා පුරවර සරසවිය ටිකක් ලොකු විශාල භූමියක තියෙන ලස්සන කැම්පස් එකක් කියල තමයි හිතුනෙ.... එත් කිලයක් යනකොට අපිට තෙරුණා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලෙට පස්සේ පොඞ්ම ඉඩ තියෙන විශ්ව විද්‍යාලය අපේ එක කියන එක....
අපේ කැම්පස් එක ගැන කියනවනම් ඒක පිහිටල තියෙන්නේ පුදුම තැනක... එක පැත්තකින් ගුවන් හමුදා මූලස්ථානය, තවත් පැත්තකින් පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානය.... නාවික සහ ගුවන් හමුදා පති වරුන්ගේ නිල නිවෙස් තියෙන්නෙත් අපේ යුනි එක ගාවමයි....
අනිත් පැත්තෙන් නිදහස් චතුරස‍්‍රය, රාජකීය තර්ස්ටන් විද්‍යාලත් ඒ අතරම තියෙනව..... ටිකක් විතර එහාට යනකොට රූපවාහිනී සංස්ථාව... බී එම් අයි සී එච් එක....  තුවන්විදුලි සංස්ථාව.. ලූම්බිණි රගහල... වගේ ප‍්‍රසිද්ධ ස්ථාන බොහොමයක් අපේ යුනි එක වටේටම පිහිටල තියෙනව... අ..... කියන්න අමතක වුණා අපේ යුනි එක ඇතුලෙමයි ග‍්‍රහලෝකාගාරය පිහිටල තියෙන්නෙත්...

අපේ යුනි එකේ වැඩිපුරම ළමයි ඉන්නේ ශාස්ත‍්‍ර පීඨයේ.... එකේ පංති පැවැත්වෙන්නේ වංක ගිරියේ.... විශේෂයෙන්ම අවසන් වසර වෙනකම්ම සමහර ළමයින්ට ඒකට ඇතුළු වෙන තැනින්ම බැහැල යන්න බැරිවෙලා තියෙනව.... ඒ ඒකෙ තියෙන විශේෂත්වය...

අපිටම අවේණික වචන මාලාවක් අපේ කොල්ලො කෙල්ලොන්ට තියෙනව......
අලිකන.... සිරීපාදෙ.... වල.... සීතල බංකු.... කෝලම... ග‍්‍රින් ටේබල් යෙලෝ ටේබල්.... ඔි එල් බී එක... නැට් එක.... සිංහ පාදේ... වදුල... මේ වගේ තවත් ඒව තියෙනව... ලොකු ඉඩක් නැති වුණත් ඒකේ අපේම ලෝකයක් නිර්මාණය කර ගත්ත...
සමහර වෙලාවට පැකල්ටි පැකල්ටි අතර ගහගත්තු අවස්ථාත් තිබුණ... එක වෙලාවක් මට මතකයි මාර්ෂල්ලට එලව එලව ගැහුව මුළු යුනි එකේ හැමෝම වගේ එකතු වෙලා ....... අපේ අය එකට සෙට් වෙන වෙලාවකට තියෙන්නේ ඉන්ටර් ෆැකල්ටි ගේම්ස් සෙට් වෙනකොට.... ඒකෙදි හැමෝම තම තමන්ගේ පීඨය දිනවන්න දුවනව පනිනව... සෙල්ලම් කරනව...
මේ ඔක්කොගෙන්ම හොඳම අය තෝරල ඉන්ටර් යුනි ගේම්ස් වලට යවන්න හොඳම ස්ප‍්‍රිටි එක තෝර ගන්නෙත් මේ ඉන්ටර් ෆැකල්ටි ගේම්ස් වලින් තමයි...

අපි සමහර වෙලාවට එකම ස්කෝල වලින් ආවත් ඉන්ටර් යුනි තරග වලදි සෙල්ලම් කරන්නේ ඒ යාළුකම් නෙදන්නව වගේ ඒ අපේ තියෙන යුනි මොරාල් එකට... ඒත් ඒ ගේම්ස් වලින් පස්සේ අපි ආයෙත් හොඳ යාලූවෝ තමයි...
ඉතින් යුනි ජීවිතේ ගැන නම් කියන්න ගොඩක් රස කතා තියෙනව...
සමහර අය ගොඩ යන්නෙත් යුනි වලින්මයි.... ඒ අය තමන්ගේ සහකාරියක් තෝරගෙනම තමයි යුනි එකෙන් අවුට් වෙන්නේ....
මේ වගේ සරසවි ජීවිතය හරිම පුදුමයි... ඒක විඳපු අය දන්නව ඒකේ තියෙන සුන්දරත්වය.... ජීවිතේ ගැන ගොඩක් ඉගෙන ගන්න තියෙන හොඳම තෝතැන්න තමයි සරසවිය කෙතරම් අකුරු කළත් මේ ගැන කියන්න නම් දේවල් ගොඩයි... ආයෙත් සුන්දර සරසවී ජීවිත කතාවක් එක්ක ඔයාල හමුවට එන්නම්...... ආයුබෝවන්......

මම.... බුද්ධික.....

Saturday, January 5, 2013

කොළඹ විශ්ව විද්‍යාලයේ වැඩක් කළ අපේ අය ගාල්ලට පැමිණී දිනය....




Galle Fort
කොළඹ පුරවරයේ  ඉඩකඩෙන් ගොඩක් අඩු උණත් සුන්දර කමින් පිරුණූ අපේ පුරවර සරසවිය.... හැමදාමත් දේශයට බුද්ධිමත් උගතුන් බිහි කරන තෝතැන්නක්....

සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවත් ඒ වගේම තමයි.... කොළඹ විශ්ව විද්‍යාලයේ වංක ගිරියේ දෙවන තට්ටුවේ පිහිටි මේ සමාජ විද්‍යා දෙපාර්තමේනතුව මගේ මතකයේ වගේම අපේ ගොඩක් සොහොයුරු සෙහෙයුරියන්ගේ මකයේ සුන්දර මතකයන් එකතු කළ තැනක්......
මම දැන් කියන්න සූදානම් වන්නේ සමාජ විද්‍යා විශේෂවේදී උපාධීය ගන්නට කියල මේ දෙපාරතමේන්තුවට ගොඩ වුණූ අපේ කට්ටිය ගැන පොඞ්ඩක් මතක් කරන්නයි සූදානම් වෙන්නේ....... 2006 2007 අධ්‍යයන වර්ෂයට අදාලව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වූණ අපේ කට්ටිය කරපු කියපු සුවිශේෂි වැඩ නමි ගොඩයි.....
ඒ හැම දෙයක්ම තියල මම දැන් කියන්න යන්නේ අපේ අය සිව්වන වසර ඉවර වෙන්්න කලින් ගාල්ල පැත්තේ පොඩි කරක් ගැහුව ඒ ගැන පොඞ්ඩක් ඒ මතකය පොඞ්ඩක් ආවර්ජනය කරන්නයි මම සූදානම් වෙන්නේ....
අපේ සෙට් එක හරියටම බැලූවොත් 35ක් විතර හිටියේ ඒ 35 දෙනා එකතු වෙලා මේ සුන්දර ගමන එන්න තීිරණය කලේ අපේ අන්තිම ට‍්‍රිප් ඒක මේක වෙන බව අපේ හැමෝගෙම මතකයේ තිබුණ නිසා වෙන්න ඇති....
අපි උදේ පාන්දරින්ම කොළඹ විශ්ව විද්‍යාලය අසලින් අපේ ගමන අපි ආරම්භ කළා..... අපේ ඔක්කොම සෙට් එක මේ ගමනට එක් උණෙ හරිම සුන්දර මතකයන් ටිකක් අපේ ජීවිත වලට එකතු කර ගන්න හිතාගෙන... අපි ගාලූ පාර දිගේ වේගයෙන් අපේ ගමන එනව.... මොරටුව පානදුර කළුතර අම්බලක්ගොඩ පහු කරගෙන ගාල්ල නම් වූ දකුණු ලක සුන්දර පුරවරය සොයාගෙන අපි දැන් ගමන් කරනව....... සින්දු කිය කිය.... නට නට..... එනව... වෙනද වගේම අපේ ඩිරා... ඒ කිව්වේ හසිත බස් එකේ බොනට් එක උඩ ඉදගෙන තමය යන්නේ... එයා තමා බස් එක ලීඞ් කරන්නේ.... අපි උදේ 9.30 වගේ වෙනකොට ගාල්ලට ආවා... කෙලින්ම ගියේ ගාල්ල කොටුව බලන්න... ගාල්ලේ කොටුවේ සුන්දර ස්ථාන ගොඩක් බලන්න ගියා වෙනද වගේම නිරෝ ඇතුලූ කට්ටිය ෆොටො ගහනව ඉවරයක් නැතිව...... ඒ හින්ද පොඞ්ඩක් ලේට් වෙවී හරි අපි ගමන පයින්ම ගියා.... ඒක හරි සුන්දරයි..... අපේ මතකයේ සොදුරුම දවසක් ඒක..
අපි ගාල්ලෙන් ආවේ 11 ට විතර ඊට පස්සේ අපි කෙගින්ම ගියේ උණවටුන රූමස්සල පිහිටි ජපන් සාම චෛත්‍ය බලන්න.... ඒකත් බලල අපි ඊළගට අවේ උණවටුන වෙරලට නාන්න කියල හිතාගෙන....
ඔක්කොම නාන්න කලින් කෑම අරගත්ත... බුද්ධිකගේ ගෙදරින් තමයි කෑවේ.....
ඒ කිව්වේ ගෙදර අය කෑමත් අරගෙන සමන් එක්ක අම්ම ආවා..... කෑම කට්ටියම රස කර කර කෑවා.... ඊට පස්සේ කට්ටියම නාන්න කියල හිතාගෙන උණවටුණ බීචි එකට ආවා.... ගාල්ලේ අය නම් ඒ බීචි එකට කියන්නේ වැල්ලෙ දේවාල වෙරල කියල....
සුන්දරයි අප්පා....
අපේ අය නාන්න පටන් ගත්ත මුහුදේ කවදාවත් නාල නෑ වගේ කට්ටිය පොඩි උන් වගේ නානව.... ඔක්කොටම හපන් අපේ කොල්ලො ටික පොඞ් උන් වගේ නටනව ඉවරයක් නෑ.... මේ හැමෝටම වඩා අපේ බට්ටි ඒ කියන්නේ ප‍්‍රකාශ් පොඩි එකා වගේ.... අපපි ඊට පස්සේ රබර් ටියුබ් වලින් වතුරේ පා වෙවී නෑව.... ගොඩක් වෙලා නෑව... නාලා ඉවර වෙලා වතුර පිටින්ම බස් එකට ඇවිත් ඇදුම් මාරු කරගෙන ආයෙත් කොළඹ එන්න පිටත් උණා....
ඒ අන අතර මගදී ටිකක් ? වුණත් අපි කල්හාරිලගෙ ගෙදරත් ගියා එනකොට 8.30 පහුවෙලා කොළඹට.... අපි අපේ කෙල්ලො ටික කොළඹ ඉන්න අපේ යාළුවොන්ගෙම ගෙවල් වල නතර කලා උන්නතී, චමත්කා, සුලේකා මේ අයගෙ ගෙවල් වල අපේ අය නතර වුණේ කොල්ලො ටික හොස්ටල් වලට යනකොට ? 10 විතර වෙලා....
 ඒ ගමන කොඩක් සුන්දරයි ගොඩක් අයට.....
ආදරණීය මතකයන් ගොඩක් ඒ අයගේ අතීතයට එකතු කර ගත්ත
දැන් ඒ අය තම තමන්ගේ ලෝක වල.... දැන් ගොඩක් අය බැදල.... අගෙයි... ආයෙත් දවසක මේ අය එක්ක එකට සෙට් වෙන්න ලැබෙනවනම් කොච්චර සුන්දරද.....

ආහ් මට අමතක වුණා ක‍්‍රිෂාන් ලයි ගෙදරිනුත් අපේ අයට කෑම අරගෙන ආවා...... ඒක මට කියන්න අමතක වුණා ඒ ගැන සමාවෙන්න හොදේ......
මෙහෙම දෙයක් ලියන්න කියල මට මතක් කලේ ක‍්‍රිෂාන්...... ඒකට ගොඩක් තෑන්ක්ස්...... අයෙත් දවසක මේ වගේ අපූරු දෙයක් එක්ක අතීත මතකයන් එක්ක මම ඔයාල හොයාගෙන එන්නම්..... එයෙනම් බායි........


මම බුද්ධීක.....

Friday, January 4, 2013

පළමු පාඩම


දේශපාලන විද්‍යාව හඳුනාගැනීම'
    
    මූලික වශයෙන්ම දේශපාලන විද්‍යාව පිළීබඳව ප‍්‍රවේශයකට පැමිණීමට ප‍්‍රථම මෙම පද කිහිපයන්හි අන්තර්ගත වන අර්ථයන් පිළිබඳව පුළුල් විග‍්‍රහයක් සහිතව අධ්‍යනයට ප‍්‍රවිශ්ඨ වීමට අවධානය යොමුකළ යුතුය' මූලිකවම දේශපාලන විද්‍යාව යනුවෙන් හැඳින්වෙන POLITICAL SCIENCE යන පද විග‍්‍රහයන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී ප‍්‍රධාන සංකල්ප කිහිපයක් කෙරෙහි සැළකිළිමත් විය හැකිය' ඒ අනුව දේශ "පාලනය" දේශපාලනය" විද්‍යාව" කණ්ඩණය කර දැක්විය හැකිය' එය පැහැදිළි කිරීමකට පහත පරිදි දැක්විය හැකිය' දේශ යනු යම් ලෙසකට රටක් රාජ්‍යයක් වශයෙන් සරලව අර්ථ නිරූපනය කළහැකිය' පාලනය යනු යම් ආයතනයක් හෝ යම් ව්‍යුහයක් මෙහෙයවීම හෝ හැසිරවීමයි' මේ අනුව දේශපාලනය වශයෙන් දැක්විය හැක්කේ රාජ්‍යයක් පාලනය කිරීම හෝ මෙහෙයවීම වශයෙන් දළ අරුත් ගැන්වීමක් දැක්විය හැකිය' දේශපාලනය යන්නට තනි පදයක් ලෙසට ගෙන බැලීමේදී මේ පිළිබඳ පුළුල් කතිකාවක් සමාජය තුළ නිරූපනය වී ඇත' එහිදී විශේෂයෙන්ම විවිධ ඓතිහාසික සන්දර්භවල දී මෙන්ම විවිධ විශ්ලේෂකයන්ගේ අර්ථකතනයන් සහ විවිධ තේරුම් සහිතව ඉදිරිපත් වී ඇත' ඉංග‍්‍රීසි භාෂාවේ POLITICAL යන යෙදුම සිංහලට පරිවර්තනය කර ඇත්තේ දේශපාලනය වශයෙනි' දේශපාලනය යන්න බොහෝ පුද්ගලයන් දේශය පාලනය කිරීම යනුවෙන් සරලව අර්ථ නිරූපනයට ලක් කිරීමක් නූතනය වන විට දක්නට ලැබේ' නමුත් දේශපාලනයට මීටත් වඩා පුළුල් අර්ථ දැක්වීමක් දේශපාලන විද්‍යාව හැදරිමේදී ලබාදිය යුතු වේ'


ó<. mdvu jkafka foaYmd,k úoHdj Wiia fm< l,d úIh Odrdj Tiafia úIhhla jYfhka yeoEÍfï we;s jeo.;alu ms<sn|j idlÉcdjg ,la lsßuhs'''''''


bosrsfhaoS fï iñnkaOj ;j ÿrg;a l;d lruq'''''''

political science...... 2015 A/L

අපි ඔයාලට පොරොන්දු වුණ දෙයක් තමයි..... දේශපාලන විද්‍යාව විෂය සම්බන්ධයෙන් යම් පමණක හෝ දැනුමක්, සියපත අන්තර්ජාල අවකාශය තුළින් ඔයාලට ගෙන එනව කියන කාරනය.... මේ නිසා.. අද සිට දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් යම් යම් විෂය කරුණූ වලින් සමන්විත පාඩම් මාලාවක් ඔයාල හමුවට ගෙන එන්න අපි සූදානම්....... අපි එක්ක ඉදිරියටත් එකතු වෙන මේ පාර සාමාන්‍යය පෙළ ලියපු... ඒ කියන්නේ,, 2012 විභාගේ ගියල 2015 උසස් පෙළට කලා විෂය ධාරාව හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න නංගිල මල්ලිල වෙනුවෙන් තමයි මේ ලිපි ටික ඉලක්ක වෙන්නේ..... ඒ නිසා ..දන්න අය ඉන්නවනම්,,  ඒ අයට බලන්න මේ ලිපි බාගත කරගෙන.. ඒ කියන්නේ ඩවුන්ලෝඞ් කරගෙන, ඒ අයට දෙන්නත් අමතක කරන්න එපා

Thursday, January 3, 2013

A/L වලට අපෙන් පොඩි තල්ලූවක්

උසස් පෙළ විභාගය කියන්නේ ගොඩක් ලොකු තරගයක් තියෙන විභාගයක් .. කලා විශය ධාරාව යටතේ ඉගෙන ගන්න අපේ ආදරණීය නංගිල මල්ලිලට සියපත් විල අන්තර්ජාල අවකාශය ඔස්සේ යම් ආකාරයක පොඩි දැනුමක් හරි එක් කරන්නයි සූදානම් කරල තියෙන්නේ.. දේශපාලන විද්‍යාව පිළිබද පාඩම් මාලාවක් තව ටික දිනකින් මේ අන්තර් ජාල අවකාශය තුළ විහිදුවා හරින්නටයි අපේ සූදානම.... අපේ නංගිල මල්ලිලට දේශපාලන විද්‍යාව තේරෙන සරල විදියට පාඩම් මාලා කිහිපයක් යටතේ ඉදිරිපත් කරන්න සියළු කටයුතු දැන් සූදානමින් ........ ළගදීම ඒ සත් කාරයටත් අතදෙන්නයි බලා පොරොත්තුව... අපිට  ඕන දැනුමෙන් පිරුණු සෙට් එකක්... ඒකට සියපත්විල සූදානම්...

ආදරණිය නංගියේ මල්ලියේ ඔයාල රටේ අනාගතය... දැනුමින් සපිරි කොටසක් තමයි හෙට ලෝකයට අවශ්‍ය වෙන්නේ... ඔයාලට දැන් නෙවෙයි ඒක තේරෙන්නේ.... තව ටික කාලයක් ගියහම.... ඒ නිසා සියල්ලටම පෙර ඔයාල අවධානය කරන්න  ඕන ඉගෙන ගන්න එකට..... 

Tuesday, January 1, 2013

ගෙට් එකට set වෙලා පේරාදෙණිය යුනි එකේ... 2004-2005 බැච් එකේ ගාලු මලී විසින් මා හට එවන ලද ලිපියකි..

     එදා හරියටම කීවොත් 2012.12.25 දැනට හරියටම අවුරුදු තුනක පටන් දෙසැම්බර් 25 කියන්නේ අපි ආස කරන දිනයක් වෙන මුකුත් නිසා නෙවෙයි.... එදා අපි අපේ කැම්පස් එකේදී හමු වෙන හින්ද.. ඒ කියන්නේ 2004-05 අපේ බැච් එකේ ගෙට් එක තියෙන්නෙ ඒ දවසේ නිසා.. ඉතින් අපිත් පුරුදු විදියටම ආයෙත් දෙසැම්බර් 25 වෙනිද අපේ පුරුදු යුනි එකේදිම සෙට් උණා...
අපි පේරාදෙණිය කැම්පස් එකෙන් 2004-05 බැච් එක විදියට එළියට බැස්සේ අපේ සොඳුරු නවා තැන වුණ පේරාදෙණිය කැම්පස් එකේදි අපි හැමෝම එක දවසකදි මුණ ගැහෙනව කියන පොරොන්දුව එක්ක... ඉතින් ඒ පොරොන්දුව අමතක වුණ කිහිප දෙනෙකුත් හිටිය.. ඒ පොරොන්දුව මතකෙ තිබුණ සෙට් එක නම් එදා නොවරදවාම මතකේ තියාම ආව...
සින්නො අපිට තග දාපු අපි ජුන්නොන්ට තග දාපු සිංදු කියපු නටපු ආදරය කරපු අපේ වලේදී එදත් අපි මුණ ගැහුණ...
ගෙම්බ කැන්ටිම පොලොන්නරුවෙ ගල් කණු යට තෙල් බැම්ම ගාවත් අපි මොහොතක් හිටිය.. හරිම සුන්දරයි..
    අපේ කොල්ලො කෙල්ලො දැන් ගොඩක් වෙනස් වෙලා... හදවතින් නම් නෙවෙයි රූපෙන්... ඉතින් අපි ආ ගිය තොරතුරු කතා කළා.. හිනා වුණා.. පරණ මතකය අළුතින් මතක් කර ගත්තා..
එදා වගේම එක බත් පතක අපි කෑවා..
කොහොම වුණත් ගහ කොළ පවා අපිව හදුන ගත්ත අපේ කැම්පස් එකට කාලයත් එක්ක අපිව ආගන්තුක වූණා..
ඒ තමයි සොබාදම් නීතිය...
දන්නවද ඒ වුණාට අපේ එවුන් එක්කඑක දවසක් හරි කැම්පස් එක අපේ කර ගත්ත...
ඉතින් ආපු අපි ගැන වගේම නොආපු අපේ කෙල්ලො කොල්ලො බලන්නත් කතා කරන්නත් ආසයි... ඉතින් ආයෙත් දවසක් එනව.. 2013.12.25 වෙනකම් අපි ඇගිලි ගනිමින් ඉන්නෙ.... ආයෙත් දවසක මේ වගේ සුන්දර විස්තරත් එක්ක ආයෙත් හමු වෙමු........

තනුජා..... ආහ්... එහෙම කිවුවට මාව දන්නෙ කාඩ් එකෙන්නේ... මම ගාලු මලී.....

අක්මීමණ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය නව වසරට වැඩ ඇරඹූ සැටි......


 

අක්මීමණ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අභ්‍යාස ලාභි උපාධීදාරීන් එක්ව 2013 වසර ඇරඹි පළමුවන රාජකාරී දිනය වන 2013-01-01 දින කරන ලද ක‍්‍රියාව කෘත ගුණව සිහිපත් කරන්න හිතාගෙන මේ ලිපිය ලියන්නට හිතුවෙ....... 2013 වසර පිළිගන්න බලාගෙන සිටිය හැමෝම එක එක විදියට නව වසරට මුහුණ දෙන්න සූදානමින් තමයි හිටියෙ...... මේ විදියටම අක්මීමන ප‍්‍රාදේශිය ලේකම් කාරයාලයට අනුයුක්තව සිටි අපේ කොල්ලො කෙල්ලො ටික එළ වැඩක් කරන්න සෙට් උණා..... ඒ 300 කට ආසන්න වුණ කාර්යාලයේ නිළධාරීන්ට දහවල් ආහාරය පිළිගැන්වීම.... ටිකක් අමාරුයි වගේ මුලින් හිතුනම අපේ අය එකට එකතු උණාම කරන්න බැරි දෙයක් නෑ කියල හිතෙන තරමට කට්ටිය දඩි බිඩියෙ වැඩ... මුලින්ම කට්ටිය සෙට් වෙලා පොඩි ගාණක් එකතු කර ගත්ත.... ඊට පස්සෙ අපේ අයම කඩේ ගිහින් බඩු අරන් ඇවිත් අපේ වැඩේට සෙට් වුණා.... කඩේ ගියා කිව්වේ කාටවත් කඩේ යාම නෙවෙයි හොදේ..... ඔන්න ඉතින් වැඩේ දැන් පටන් ගන්නයි සූදානම.... 2012-12-31 දිනය මම හිතන්නේ අපේ යාළුවොන්ට අමතක නොවන දිනයක්.... ඒ දවස තමයි අපේ කට්ටිය එකට සෙට් වෙලා සාමුක කමේ ජවය පෙනනපු දවස.... සවස 7.30 වගේ වෙනකොට කට්ටිය ඔක්කොම සෙට් වූණා..... දර හදාගෙන ලිප් බැදගෙන දැන් සූදානම කට්ටියම කෑම උයන්න.... අපේ අයමයි උයන්න හැම දේම කලේ ඒ දේ නම් සුන්දරයි.... ටික දෙනෙක් සුංදු කියනව පැත්තක ඉදගෙන වැඩ කරන අයගේ මහන්සිය නැති වෙන්නත් එක්ක.... එළි වෙනකම් කට්ටියම වැඩ..... උදේ 8 වගේ වෙනකොට ගොඩක් වැඩ ඉවරයි...... අන්තිමට ඉතිරි වුණේ බත් එකේ වැඩේ.... එකත් 10 විතර වෙනකොට ඔක්කොම ඉවර කර ගත්ත.... දැන් කට්ටියම සූදානම බත් බෙදන්න..... ඒක නම් මරු කට්ටියම එකතු වෙලා බත් බෙදනව...... බත් පාරසල් 300ක් විතර හැදුව..... ප‍්‍රා ලේකම් එක් කැබ් එක ගෙන්නගෙන ඒව අරන් ගිහින් උත්සවයක් තියල බෙදල දුන්න ඔක්කොටම කන්න..... ආහ්...... ඒ වගේම කියන්නත් ඔ්න අපේ අය දිනපු ක‍්‍රිකට් කප් එකත් අපි ප‍්‍රා. ලේකම් තුමියට බාර දුන්න..... ලස්සන උත්සවයක්.... මහන්සියේ උපරිම ප‍්‍රතිඵල ඒකේ සුන්දර කම අපි ඔක්කොම පැත්තකට වෙලා සියුම් ප‍්‍රීතියක් මේකෙන් වින්ද.......... උපාධිධාරීන් ගැන ඇතම් අය කියන වැල්වටාරම් කතා වලට තිතක් තියන්න අපේ අයට හැකි වුණා අපිට වැඩක් කරන්න පුළූවන් කියල අපි හැමෝටම පෙන්නුව...... ගොඩක් හිතට සතුටුයි........

අපේ අය වැඩ කරපු හැටි දැක්වෙන පින්තූර ටිකක් ළගදීම බලාපොරොත්තු වන්න......

2013........

ජීවිතය ගැන අළුතින් හිතන්නට 2013 වසර හැමෝටම ඉඩකඩ විවර කරළ තියෙන්නෙ... අපි 2012 වසරෙදි කරපු ගොන් කම් අමතක කරල ඒව හදාගෙන ඉදිරියට යන්න අපේ ජීවිත නව මගකට හරවගෙන යන්න මේ වසරෙ අපි වැඩ කරන්න වෙනව.......