Monday, January 28, 2013

මා හද ස්පර්ශ කළ සුන්දර ගීතයක්.....


තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබේ.........
සුවඳ මා ළගින්

සිවු වසරක පෙම් ගීතය.......
ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින්........
කිරුළු පැළඳුවාදෝ

තනිවෙන්නට.........//

මායවකි පේ‍්‍රමය මා
හදවත රිදවූයේ....
සෝ ගීයකි...දුක්බර වූ....
සැනසුම කොහි වේදෝ...

තනිවෙන්නට.......//

       සුන්දර ගීතයක් වුවත් මේ ගීතය මා හද ස්පර්ශ කරන්නේ ගීතය ඇත්තටම යථාර්ථයක්ය යන්න පසක් කරමින්ය..... ජීවිතය පිළිබඳව  මා හට මෙන්ම ඔබටද අනේක  විද   අත්දැකිම් ඇති බව මා දන්නා කරුණි.  ජිවිතයේ සුන්දරම අත්දැකිමක් වන්නේ ආදරය පිළිබඳ අත්දැකීමයි... ඇතම් අයට ආදරය සුන්දර අත්දැකීමක් වේ... නමුත් ඇතම් අයට මේ අත්දැකීම කටුකය...
මා එසේ ප‍්‍රකාශ කරන විට ඇතැම් අය මා සමග එකග වන්නා සේම තවත් අයට එකග නොවී සිටිය හැකිය...
ඉහත දක්වන්නට යෙදුන ගීතය තුළින් කියවෙන්නේ යැයි මා අදහස් කරන්නේ සරසවි පේ‍්‍රමයක් පිළිබඳවය... තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් යනුවෙන් ගීත රචකයා එම පද වැල් ගොනු කරන්නේ පෙර අතීතයේ පැවති පාළුව නැවතත් මෙම පේ‍්‍රමවන්තයාට දැනෙනවා නිසා විය හැකිය. සුන්දර කාලයක් ගෙවා ඒ සුන්දර කාලය තුළ ජීවත් වු ඔහු නැවතත් ඇගේ සුවඳ රුගෙන යන්න  යනුවෙන් කරන්නේ ආයචනයකි...
විශේෂයෙන්ම ඇයගෙන් මෙම ඉල්ලීම කරන්නේ ජීවිතය පිළිබඳව යම් ආකාරයක බිඳුණු බලාපොරොත්තුවකින් විය හැකිය... ඇයත් සමග ගත කරන ලද ඒ මතකය ඔහුට ඉතාමත් සුන්දර විය හැකිය ඒ සුන්දර මතකයෙන් ඔහුට ඇත්වීමට නොහැකි තරම් ඇග් සුවඳ ඔහුට ලෙන්ගතු වී ඇති බවක් පෙනියයි...ආදරය කරනා අවදිය තුලදි බොහෝ කොම සමීප වීමක් සිදුවන්නේ අප නොදැනුවත්වමය... එකිනෙකාගේ  ඕනා එපා කම් පිළිබඳව මනා අවබෝදයක් සෑම කෙනෙක්ම ලබා ගන්නේ ආදරය යන වචනයේ ඇති සැගවුණු ගුප්ත බලයක් නිසා දැයි වෙලාවකට සිතේ... එනම් එකිනෙකා පිළිබඳ මනා අවබෝධයක් ආදරය කරන කාලය තුළ ආදරවන්තයින් විසින් ලබා ගනී... එය සැබවින්ම සත්‍යයක් වේ.
අදරය යන්න අකුරු හතරකට පමණක් සීමා වූවක් නොවී ඒ ආදරය සැබෑ ලෙසම විදින්නා ඒ බිළිබඳව දන්නේය... විශේෂයෙන්ම නූතන සමාජය තුළ තරුණ කොටස් අතර ඇති ජංගම දුරකතන නිසාවෙන්ම මේ කරුණ හොඳින්ම දැකිය හැකිය...
     එනම් සෑම කරුණක් තුළදිම එකිනෙකා සමීප වන්නේ මේ විද්්‍යුත් උපකරණයත් සමගිනි.
විශේෂයෙන්ම සමාජයේ පෙම්වතුන් කාලයේදී එකිනෙකා පීළිබඳව වැඩි අවබා්ධයක් ලබා ගන්නේ ඇසුරු කිරිමේ ප‍්‍රමාණයත් සමගය...
මෙම ගීතය තුළ තම කතාව කයන විරහ සොවින් වැලපෙන පෙම්වතා කියා සිටින්නේද මෙවැනි කතාවකි....
එනම් ආදරය කරන කාලයේ තමන් සමග එකට සිටිමින් තම ජීවිතයේ අත්දැකීම් හොඳින් බෙදා හදා ගත් පෙම්වතිය වෙන්ව ගිය පසු දැනෙන පාළුව තනිකම වෙනුවෙන් ඔහුගේ ආත්ම ප‍්‍රකාශනයක් වශයෙන් මෙය පෙන්වා දිය හැකිය.... තමන් එදා විඳි ඇගේසුවඳ දැන් ඔහුගේ හිත පාරවන්නක් වී හමාරය... ඇය දැන් ඔහුගෙන් වෙන්වි ඇත.....
ඔහු හා ඇයගේ පේ‍්‍රමයට සිවු වසරක් ගෙවි අවසානය... සිවුවසරක පෙම් ගීතය ගොළුවෙලා ගියාවේ  යනුවෙන් ගිපද රචකයා දක්වන්නේ ඒ නිසා විය හැකිය....
ගොළුවීම යනු අසරණ තත්වයට පත්විමක් වැනිය... ඇය දැන් ඔහුව අමතක කර අවසානය.. ඇය සිවු වසරක පේ‍්‍රමය නිමා කොට ඇත... ඇගේ ලෝකය තුළ දැන් ඔහු නැත....
ඔහුගේ එකම පැනය වන්නේ අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ යන්වෙන් පමණි... එයත් ඔහු අසන්නේ අසතුටකින් නොවන්නේය... ඔහු මේ බව අසන්නේ මනා සංයමයකින් යුක්තවය... හිතේ වෛරයක් නොමැතිව ඇගෙන් අසන්නේ ඇය වෙන කෙනෙක්ගේ ලෝකයට ගොස් ඇත්තේද යන්න පමණි.... ඒය ඔහුගේ ඇය වෙනුවෙන් පවතින අව්‍යාජ ආදරයයි... දැන් ඇය ඔහුට උරුම නැතත් ඔහු ඇයගේ ජීවිතයට ආසාරි එක් කරයි....
     නමුත් මායාවකි ප්‍රෙමය මා හදවත රිදවූයේ යනුවෙන් ඔහු ඔහු පිළිබඳවමකළකිරිමකට පත් වන්නේය.... ගීතයේ අවසානයේ ඔහු තමන්ගේ ජීවිතයේ ඇති දුක්බර බව පිළිබඳව දුක් සුසුම් හෙලන්නේය... එහෙත් මේ ගීතය තුළ කිසි විටකවත් පෙම්වතිය පිළිබඳව ඔහු තරහකින් සිටින බවක් නොහගවයි... ඒ සැබෑ ආදරයේ පිවිතුරු හැගුමයි... සැබැ පෙම්වතෙක් ලෙසට ආදරය කර තවමත් ඒ අතීතය තුළම ජීවත් වන ඔහු ඇයගේ ආදරය කෙරෙහි සිතින් තවමත් ලොබ බඳින බවක් මේගීතයේ පද පෙරලි තුළින් වටහා ගත හැකිය....
ආදරය කෙනෙකුට සුන්දර වනවා සේම තවත් අයෙකුට එය කටුක විය හැකි බව මා පැවසූවේ ඒ නිසාවෙනි....
     මෙම ගීතය ගායනා කරන වික්ටර් රත්නායක ආදරණීය ගායන ශිල්පියා පිළිබඳවද සිහිපත් කනීරීම මා කළ යුතු දෙයක්ම යැයි හැගේ එනම් ඔහුගේ සුන්දර ගායන රටාව තුළින් පද වලට තව දුරටත් නව පෂක් ලබා දි ඇති බව අවසාන වශයෙන් වුවද ප‍්‍රකාශ කළ හැකිය....
ජිවිතයේ සුන්දරම අත්දැකිමක් වන ආදරය සහ එයට නූල් පටක තරම් ඈතක් ඇති විරහව පිළිබඳව ගී පද රචකයින් ගීත මේ තරම් ලියන්නට පෙළබෙන්නේ එවා සහෘද්ධ රසිකයින්ට ඉතාමත් ඉක්මණින්ම ළගා වන නිසා විය හැකිය...
   කෙසේ හෝ මේ ගීතය මා සිත් ගත් නිසාවෙන් මෙසේ ලියන්නට සිතුවා එහි ඇති සත්‍ය සහ අසත්‍ය පිළිබඳව ඔබ තිරණය කළ යුතු වේ..... ඒ බව සිතන්නට ඉතුරු කර සමුගන්නම්.... තවත් දවසක මේ වගේ අලූත් සුන්දර අත් දැකීමක් එක්ක ඔයාල අතරට එන්න හිතාගෙන........ එහෙනම් ආදරය සුන්දර විදින දෙයක් කර ගන්නට ඉල්ලිම් කරමින් ඔබෙන් සමුගන්නමි....... ඔබට ජය....

No comments:

Post a Comment