Saturday, December 29, 2012

යාළුවනේ.......................... මතකද.....


තෙලවලට ආයෙත් ගියෙමි............................ කොළඹ විශ්ව විද්‍යාලයේ පිරිමි ළමුන් වෙනුවෙන් පැවතියේ හොස්ටල් දෙකක් විතරයි.... එකක් මේ පිංතූරයේ දැක්වෙන තෙලවල නේවාසිකාගාරය... අනිත් එක කිත්‍යාගර නේවාසිකාගාරය.... තෙලවල නේවාසිකාගාරය මෙම හොස්ටල් දෙකෙන් සුර සැප පිරුණු අපේ දෙවෙනි ගෙදර වගේ උණා...... එත් ඒකට කැම්පස් එකේ විසී ගෙන් නම් ලැබුණේ කුඩම්මගේ සැළකිල්ල විතරයි... එත් පුරවර සරසවියෙ වැඩක් කළ එළකිරි කොල්ලො සෙට් එක හිටියේ මේ රජ මාලිගයේ තමයි...... එත් කාලය අපිට සරදම් කළා අපිට අපේ දෙවෙනි අම්ම වගේ සිටිය අපේ හොස්ටල් එකට සමු දෙන්න සිදු වුණා.... ඒ අපේ කැමැත්තෙන් නම් නෙවෙයි.... අපිව බලෙන් ඒකෙන් එළියට ගත්ත.... කිරුළපන පැත්තේ පොඩි ගෙදරක අපිව දැම්මේ බල්ලන් ගාල් කරනව වගේ.... එත් අපි අපේකම අතහැරියේ නෑ... අනිත් යුනි වලින් කොළඹ අල කියල කාඞ් ගහද්දි ඒකට එරෙහිව වැඩක් කරන හිත හොඳ කොල්ලො කෙල්ලො ඉන්න යුනි එකක් කරන්න අපේ කොල්ලො ගොඩක් මහන්සි ගත්ත...... ඒකේ සුන්දර මතකයන් අපේ හිත් තුළ හැමදාමත් තියෙනව.... අපේ ආදරණිය කොල්ලො ටික මතක් උණ නිසා මේ වගේ ලියන්න හිතුනෙ උන් හැමදාමත් අපිත් එක්කම එක පත කා ගෙන ගුටි කා ගෙන හිටිය එවුන් නිසා... ජීවිතේ මා ලද හෙඳම ත්‍යාගය හිත හොඳ කොල්ලො ටිකක් හම්බ කර ගත්ත එකයි............

No comments:

Post a Comment