Saturday, December 29, 2012

ආදරණිය පුරවර සරසවිය

අපේ කාලේ හීනයක් වගේ උණ දෙයක් තමයි... කැම්පස් එනවයි කියන එක.... ඒත් කැම්පස් ආවට පස්සෙ ජීවිතේ ගැන ගොඩක් අත්දැකීම් ගත්ත .... ඒ ... පුරවර සරසවිය මගේ ජීවිතයේ සෙඳුරු නවාතැනක් වූ නිසාවෙන්මයි....

අපි කීයෙන් කී දෙනෙක්ට අපේ ජීවිත වෙනස් මගකට හැරවුණාද කියල ඒ අයගේ හදවත් වලට කතා කලොත් දැනගන්න පුළුවන්... ගොඩක් අයට හොඳ වගේම නරකත් වුණා සමහර අයට හීනෙන් වත් නොහිතපු සුන්දර මාවත් විවර වුණා.... ඒ පුරවර සරසවියේ හාස්කම් වගේ....
කැම්පස් වලින් අපිට තමයි පුංචිම ඉඩක් තියෙන්නේ... ඒත් ඒ පුංචි ඉඩ අපි මහ වැඩ වලට පෙළඹුව.... කලා උළෙලවල්... අවුරුදු උත්සව... චිත‍්‍රපටි ප‍්‍රදර්ශන.. සිත්තම් උළෙල වල්.... සංස්කෘතික ප‍්‍රසංග.... මම මෙහෙම කියනකොට ගොඩක් අය ඒ අතිතයට අනිවාර්යෙන්ම යනව ඇති.... සුන්දරයි නේද ඒ මතකයන්..... සමහර ඒවට හිනා යනව නේද.... ඇත්තටම අපි යුනි එකේදි කොච්චර දේවල් කළාද.... දැන් යුනි එකට සමුදීල ටිකක් කල් ඒත් ඒ මතකය අද ඊයේ වගේ.... මගේ යාළුවනේ අපිට අයෙත් ඒ දවස් වලට දුවල යන්න පුළුවන් නම්.......ආසයි අප්පා........ දැන් සමහර යාළුවො බැඳළ.... ඒ අය ඒ අයගෙ ලෝක වල...... ලෝකය පුදුමයි නේද... කවදාවත් දැකල නැති අය ගොඩක් යුනි එකේදී මුණගස්වල අයෙත් ඒ අය අපෙන් ඈතටම යැවුව.... කාලය කෙතරම් නපුරුද මිතුර... දැනට ඇති..... ඔයාලටත් මොනව හරි මම කියපු දේ ගැන හිතුන නම් පොඩි අකුරක් දෙකක් කෙමෙන්ට් වල කුරුටු ගාන්න.... එහෙනම් ජය වේවා....

ආ.......... අමතක වුණා පරණ යාළුවන්ට මිස් කෝල් එකක් වත් දාල යාළුකම ආයෙත් අළුත් කර ගන්න හොඳේ.........

2 comments: